ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සිදුකළ අනියම් තර්ජනය සම්බන්ධයෙන්, අදාල මාධ්‍යවේදියා විසින් පොලිස්පතිවරයාට සහ නීතිය, සාමය භාර ඇමතිවරයාට පැමිණිලි කර තිබෙන බවත් එහි විමර්ශනවල තත්ත්වය කුමක්ද යන්නත් විපක්ෂ නායකතුමා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.
” නිදහස් මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මුහුණු පොත හරහා සිදුකර ඇති ප්‍රකාශය ගැන ඔහු විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා තිබෙනවා බොරු ලියන අයට සොභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනවා. ඒ වගේම ප්‍රභාකරන්ටත් සිදුවුනාසේ ඒ අයට සිදුවෙයි කියලා.
ආරක්ෂක අංශ නිලධාරියෙක්ට මේ අයුරින් නිදහස් මාධ්‍යවේදියෙකුට අනියම් අයුරින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකරන්න පුලුවන්ද ? ඒ ගැන රජය පරීක්ෂණයක් සිදුකරනවාද ?” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.