බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එළඹෙන ජුලි මස 19 සහ 20 වෙනිදා විවාදයට ගැනීමට අද (05) දින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලැබුවා.