සම්මුඛ සාකච්ජාවේදී විවේචන කිරීමේ චෝදනාවට “භානුකට” අත්හිටවූ තරග තහනමක්

July 5, 2021 at 4:34 PM

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත ක්‍රීඩා කොන්ත්‍රාත්තුව උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කිරීම මත මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, භානුකව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී පුහුණු කටයුතු සිදු කිරීමට නියමිතයි.