පිලිපීන ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා. අනතුර වන අවස්ථාවේදී ගුවන් යානයේ පුද්ගලයින් 92 දෙනෙකු සිට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
පිලිපීනයේ බංගාකල් හි පිහිටි පාටිකුල් නගරයට ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙනවා.
ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී ධාවන පථය මගහැර යෑම හේතුවෙන් එය අසල පිහිටි ගම්මානයකට කඩා වැටී ඇති බවයි පිලිපීන හමුදා ප්‍රධානි ජෙනරාල් Cirilito Sobejana සඳහන් කර සිටින්නේ.
යානයේ සිටි හමුදා සොල්දාදුවන් 40 කට අධික සංඛ්‍යාවකගේ දිවි බේරා ගැනීමට මේ වන විට සහන කණ්ඩායම් වලට හැකිවී ඇති බවත් තවත් පිරිස් බේරා ගැනීමට හැකිවනු ඇති බවයි හමුදා ප්‍රධානියා විශ්වාසය පළකර සිටින්නේ.