15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ මිලට ගත් මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

July 3, 2021 at 8:47 AM

15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

පිරිසක් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

අතවරයට ලක් වූ බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනය සහ තවත් විද්‍යාත්මක තොරතුරු අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

අත්අඩංගුවට 26 දෙනා අතර දැරිය ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් පුද්ගලයන් 15 දෙනකු පමණ සිටින බවත් එවැනි ක්‍රියා සඳහා යොදාගත් තවත් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.