ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 61 වන වියෙහි පසුවුනා.
2019 වසරේ දෙසැම්බර් මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධුරයට පත්වූ කමල් රත්වත්තේ මහතා ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙසට ද ජාතික රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසට සහ රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසට ද කටයුතු කර තිබෙනවා.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොහොයුරෙකු වූ ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වූ කමල් රත්වත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද වනවා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.