බයිසිකලෙන් විදුලිය ගන්න අපූරු සැලසුම

July 3, 2021 at 10:38 AM

පාපැදිය අපේ රටේ අනතාව අතරත් දුප්පතාගේ වාහනය විදියට ප්‍රකට යි.

ඒත් නෙදර්ලන්තය කියන්නෙ පාපැදිය ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වෙන රටක්.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ හරිත බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මෑතකදී යෝජනා කැඳවූවා.

මේ ඒ අතුරින් එකක්.

බයිසිකල් වල රෝදයේ බැටරියක් ආරෝපණය කරමින් එය විශේෂ බලශක්ති පද්ධතියක් සහිත නැවතුමක නවතා එමගින් ප්‍රදේශයේ විදුලි අවශ්‍යතාව ලබා ගැනීමයි එහි අරමුණ වුණේ.

මේ ව්‍යාපෘතිය එම වැඩසටහන සඳහා නොතේරුණත් ඊට ජනතාව ලොකු ආකර්ශනයක් දක්වා තිබෙන වා.