දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

July 3, 2021 at 7:15 AM

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.