නිදහස් මාධ්‍යවේදියෙකුගේ නිවසකට පිරිසක් බලෙන් ඇතුළුවීම ගැන පොලිසියට පැමිණිල්ලක්

July 2, 2021 at 4:23 PM

නිදහස් මාධ්‍යවේදියෙකු වන දනුෂ්ක අරවින්දගේ නිවසට කිසියම් පිරිසක් ඇතුලු වී ඇති බව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙස සේවය කල දනුශ්ක අරවින්දගේ මරදානේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ ඇතුලු වූ කිසියම් පිරිසක් ඔහුගේ වෘත්තීය ලිපි ලේඛන පිරික්සා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 20කට ආසන්න කාලයක් රූපවාහිනී මාධ්‍යවේදියෙක් ලෙස සේවය කල ඔහු එම සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ තබා තිබු සටහනයි මේ….

” මාගේ නිවසට කිසියම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු අද අලූයම් කාලයේදි නීතිවිරෝධීව ඇතුළු වී මාගේ ලේඛන හා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කිරීමේදි තරගාවලි ආවරණය කිරීමේදි ලැබෙන හැදුනුම්පත් සෝදිසි කර බිම දමා ගොස් ඇති අතර බිම් මහලේ ඇති කබඩ් එකේ තිබු ලේබන, නිවසේ උපකරණ ද තැන තැන දමා ගොස් ඇති ආකාරයයි මේ.

ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙකු ලෙස මාගේ ජිවිත ආරක්ෂාව එල්ලවී ඇති තර්ජනය ගැන වගේම සිදුවී ඇති දේ ගැන නිසි ආකාරයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මම මරදාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට මීට ස්වල්ප වේලාවකට පෙර පැමිණිල්ලක් ද සිදු කළා.

ජාත්‍යන්තර ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ දිනයේදි මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් ප්‍රකාශ කිරීමට සිදුවීම ගැන අතිශය කණගාටුවට පත්වනවා.”