ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් මෙන්ම නිලධාරීන් ගේ අනුකමිටුවක් ද පත්කළ බව විදේශ අමාත්‍යංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇත.
ජූනි 21 දා ගනුලැබූ තීරණය අනුව ජූනි 25 දා ඊට අදාල පත් කිරිම් සිදුකල බවද විදේශ අමාත්‍යංශය පවසයි.
ප්‍රතිසන්ධාන කටයුතු වලට අදාල ව ජූනි මාසයේ දී රු. මිලියන 159ක් වන්දි සඳහා මුදා හැර ඇත.
පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරන ලද්දේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස ලක් රජයට දැන්වීම සහ GSP සහනය ලංකාවෙන් ඉවත් කිරීමට අදාලවයි.