ටික් ටොක් ලෝලීන්ට සුබ ආරංචියක්

July 2, 2021 at 4:45 PM

ටික් ටොක් සමාගම සිය ග්‍රාහකයින් වෙත ලබා දෙන අලුත්ම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ.

 

එම සමාගම් ප්‍රධානියා විසින් බ්ලොග් පණිවුඩයක් මගින් මේ බව සඳහන්කරඇත.

 

ඊට අනුව 2018 සිට මේ දක්වා ටික්ටොක් සඳහා පැවැති විනාඩියක කාලය විනාඩි තුනක් දක්වා දිගු කෙරේ.

 

තම ග්‍රාහකයින් ගෙන් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය  ගත් බව පවසන ටික්ටොක් සමාගම ග්‍රාහකයින් වෙත එම පහසුකම ක්‍රමයෙන් ලබා දීමට සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය කියා සිටී.