පසුගිය සංචරණ සීමා පැවැති සමයේදී
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ ගරාජයකින් ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සොරාගත් එම්.ආර්.එෆ් වර්ගයේ ජීප් රථ රෝද 6ක, ගරාජ් කම්ප්‍රශර් යන්ත්‍රයක්,ගෑස් සිලින්ඩරයක් , කාර්මික යතුරු ඇතුළු භාණ්ඩ තොගයක් පසුව සොයාගැණුනා.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බව පැවසේ.
සොරකමේ ප්‍රධාන සැකකරු අවුරුදු විස්සක් තුළ සොරකම් සියයක් සිදුකොට වසර 13 ක් සිරගතව සිටි ලයිස්තුගත අපරාධ කරුවෙක්.