රජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.
මෙම ක්‍රියාමාර්ගයට ලංකාවේ තියෙන සියලුම රෝහල් සම්බන්ධ වෙයි .
මහජන සෞඛ්‍ය සේවාව, හෙද අධ්‍යාපන සේවාව මෙන්ම රෝහල් 1103 හෙද නිලධාරීන් ඊට අයත් ය.
විශේෂිත රෝහල් හැර අනිත් සියලුම රෝහල්වල හෙද නිලධාරීන්ද ඊට සහය දක්වන බව වාර්තා වෙ.
විශේෂ රෝහල් 18ක් සම්බන්ධ කර නොගැනේ.
- රිජ්වේ ආර්යා ළමා රෝහල
- කාසල් වීදියේ කාන්තා රෝහල
- මහරගම පිලිකා රෝහල
ඊට අයත් ය
වත්මන් වසංගතය හමුවේ ජනතාවට වන හානිය අවම කිරීම සඳහා ලංකාවේ සියලුම කොරෝනා රෝහල් මීට සම්බන්ධ නොවේ
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ද වර්ජනයෙන් තොරව
ක්‍රියාත්මක වේ.
එහෙත් සියලුම කොරෝනා රෝහල් වල නිල වශයෙන් සේවයට වාර්තා නොකරයි.
නිල නොලත් ලෙස එම රෝහල රෝහල් වල සේවය කිරීමට කටයුතු කෙරේ.
ඉල්ලීම් නවයක් ඔවුන් ඉදිරිපත් කර ඇත.