මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.
මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති බවත් මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇති බවයි යුද හමුදාව නියෝග කර සිටියේ.
දැනට අවශ්‍ය කරුණු හා සාක්‍ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය විසින් සිදුවීමට අදාල නිරික්ෂණ ඇතුලත් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් කඩිනමින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදීමට නියමිත බවයි යුද හමුදාව නිවේදනය කර සිටියේ.