පිළිකාවට අභියෝග කරන තරුණ යකඩ ගැහැණිය (VIDEO)

June 30, 2021 at 5:13 PM

ඇය නමින් උදාරි චතුරිකා මුණසිංහ.. තරුණ ව්‍යවසායිකාවක් මෙන්ම මෙරට කේෂ්ත්‍ර රැසක රැකියාවේ නිරතව සිටි ඇය නිරූපිකාවක් ලෙසද කේෂත්‍රයේ නමක් දිනා සිටියේ චතු මුණසිංහ නමින්.

පිළිකා රෝගයෙන් පෙලන ඇය Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සාකච්ජාවකට එක්වෙමින් සිය ජිවිතයේ අත්දැකීම් බෙදා ගනු ලැබුවා.

‘ මම පිළිකා රෝගයෙන් පෙලෙන බවට පළමුව දැන ගත්තේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදී. පළමුවෙන්ම මට ඇතිවුනේ ආහාර අරුචියක්. මගේ ස්වාමිපුරුෂයා බැන්නා මම ඩයට් කරනවා කියලා. මට ඒ එක්කම කොන්දේ අමාරුව, වගේම ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවුණා. ඒ එක්කම මම මගේ පවුලේ වෛද්‍යවරයා හමුවුනාම ඔහු මාව යොමු කලේ CT ස්කෑන් පරීක්ෂණයකට. එහිදී තමයි මට පළමුවෙන්ම හඳුනා ගත්තේ මට අග්න්‍යාසය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් කියලා. එය ලෝකේ දරුණුම වර්ගයේ පිළිකාවක්. නමුත් අවාසනාවකට මගේ පිළිකාව පැතිරිලා ගිහින් නිසා ශල්‍යකර්මයක් කරන්න හැකියාවක් නැහැ කියලයි වෛද්‍යවරුන් කිව්වේ.

මම කඩන් වැටුනා.. නමුත් මම කවදාවත් ඇහුවේ නැහැ දෙවියන්ගෙන් ඇයී මට මෙහෙම උනේ කියලා. පිළිකාවක් හැඳුනා කියලා දැනගත්තම රෝගියා විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ සියලුදෙනාම අත්හරිනවා. එය ඒ තරම් හොද දෙයක් නෙමේ. මටත් ඒ දේ උනා. මගේ හොද වෙලාවට මගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක හිටියා. අන්තිමේදී අපි තීරණය කළා මට පිළිකාවක් කියලා දැන ගත්තම අපේ ඥාතීන් මාව බලන්න එන්න පටන් ගන්න අයව නතර කරන්න.

මගේ මහත්තයා හරිම හොද කෙනෙක්. එයා තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ. එයා තමයි ලිප්ස්ටික් ඇතුළු හැමදේම ගෙනල්ලා දෙන්නේ. එයා තමයි මාව සැලුන් එකට යවන්නේ.

මට දුක මගේ පොඩි දුව ගැන. මගේ ලොකු දුවට අවුරුදු 15ක්, එයාට මාත් එක්ක ඉදලා තියෙනවා කාලයක්. නමුත් මගේ පොඩි දුවට අවුරුදු 5ක් විතරයි වයස. මට එයාව දාලා යන්නයි දුක..’ චතු වීරසිංහ කියා සිටියා.