නිලානි සහ යුපුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබයි

June 30, 2021 at 10:58 AM

ජපානයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තවත් දෙදෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා.

නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන් එලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් සහ යුපුන් අබේකෝන් මිටර් 100 ධාවන ඉසව්ව සඳහා එලෙස සුදුසුකම් ලබා තිබෙනවා.

ඔලිම්පික් පරිසාදන මට්ටම ලඟා කර ගැනීම සඳහා ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.