රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට සහ විනය විරෝධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
“මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.” ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.