මැදපෙරදිග රටවල සිට පැමිණෙන මගීන්ට ගුවන් තහනමක්

June 29, 2021 at 8:43 AM

ජුලි 01 වෙනිදා සිට ජුලි 13 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මැදපෙරදිග රටවල් 06 කින් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමාන්, බහරේන් සහ කුවේට් සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා මෙම තහනම පනවා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වන නියෝග සියලුම ගුවන් සේවා වෙත දැනුම් දී ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.