ඇමෙරිකානු උපජනාධිපතිනියගේ උපදේශිකාව ගැන හෙලිකළ කරුණ.

June 29, 2021 at 5:36 PM

ඇමෙරිකානු උපජනාධිපතිනි කමලාහැරිස් ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකා රෝහිනී කොසොග්ලු මහත්මිය ශ්‍රීලංකා සම්භවයකට නෑකම් කියන බව ඇමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි.

ට්විටර් පණිවුඩයක් තබමින් ඇය සඳහන් කරන්නේ රෝහිණී ගේ මව්පියන් අසූව දශකයේදී ලංකාවෙන් ඇමෙරිකාව බලා පැමිණි අය බවයි.

රෝහිණී ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙසද මීට පෙර කටයුතු කර ඇති අතර ඇය එවැනි තනතුරක් හෙබවූ පළමු දකුණු ආසියාතික කාන්තාව ද වේ.