අමාත්‍ය මණ්ඩල තීරණ : පෞද්ගලික අංශයට දුන් වැටුප් සහනය අවසන්

June 29, 2021 at 11:15 AM

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත හා ව්‍යාපාරික ආයතනවල සේවයකයන්ට වැටුප් ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අවසන් කිරීමට ජාතික කම්කරු උපදේශක සභාවේදී තීරණය කර තිබෙනවා.

රැකියා අහිමි නොකිරීම, වැටුපෙන් 50%ක් ගෙවීම, නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදීම වැනි සහන රැසක් පෞද්ගලික අංශයේ සේවකයන්ට කොවිඩ් වසංගතය පැවැති කාලයේ ලබාදීමට කම්කරු අමාත්‍යාංශය, සේවා යෝජකයන් සමග සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.

එහෙත් සංචාරක ක්ෂේත්‍රය තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති බැවින් ලබාදුන් සහන මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා එම ක්ෂේත්‍රයට ක්‍රියාත්මක කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේදී රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කැබිනට් තීරණ පහත දැක්වේ.