මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කොට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බවයි.
” දෛනිකව මැදපෙරදිග රටවල සිට විශාල පිරිසක් දිවයිනට පැමිණෙනවා. එලෙස පැමිණෙන පිරිස් අතරින් විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙසට වාර්තා වනවා. මේ ගැන අප අවධානයෙන් සිටින්නේ. එලෙස පැමිණෙන අයවලුන් නිසා නිරෝධායන මධ්‍යස්ථාන තුල කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු වනවා වගේම ඒවා ආරක්ෂා කර ගත යුතුයි” යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.