අද (27) උදෑසන ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රිය මාර්ගයට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරට ලක්වූයේ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් මගියෙකු වන අතර අනතුර සිදුවෙන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. 2021-06-27