එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්රයට සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දළ වශයෙන් රුපියල් මිලියන 720 ක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකග වී තිබෙනවා.
සම්පූර්ණ වන්දි මුදල ගෙවා නිම වන තුරු මෙම රුපියල් මිලියන 720 ක මුදල අතුරු හිමිකම් කොටසක් ලෙස ගෙවනු ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ.
එමෙන්ම ගිනි ගෙන විනාශයට පත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට සිදුවූ හානිය පිළිබද සොයා බැලීමට ඉන්දීය විශේෂ නෞකාවක් ඊයේ දිනයේදී කොළඹ වරායට ළගා වී තිබෙනවා.