ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී 59 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනවසරයෙන් මාර්ගයයට ඇතුලුවී ඇති මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ඊයේ රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම මාර්ගයේ වාහන ගමන් කිරීමට මෙතෙක් අවසර නොමැති අතර මෝටර් රථය සහ යතුරුපැදිය එකම දිශාවට අධික වේගයෙන් ගමන් කර ඇතැයි වාර්තා වන්නේ.
අනතුරත් සමග මෝටර් රථය සහ යතුරුපැදිය ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ අවුරුදු 19ක් සහ 24ක් වයසැති තරුණයන් දෙදෙනෙක්. ඔවුන් වදාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මෝටර් රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පළාගිය අනෙක් සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිවලට අනුකූලව සහ රිය අනතුරක් සිදු කිරීමට අදාළව නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.