සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද අලුයම සමත්වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 7 ක් දැවී රැස්කළේ ලකුණු 129 ක් පමණයි.
දසුන් ශානක පන්දු 44 කදී ලකුණු 50 ක් රැස්කළා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 30 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19 ක් රැස් කළා. සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 යේ සීමාව පසුකර යාමට හැකියාව ලැබුනේ නැහැ. පන්දු යැවීමේදී ඇඩිල් රෂීඩ් සහ සෑම් කරන් කඩුළු 02 බැගින් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 17 යි එක් පන්දුවක් තුළ කඩුළු 02 ක් පමණක් දැවී තිබියදීයි. එංගලන්තය වෙනුවෙන් ජෝෂ් බට්ලර් නොදැවී ලකුණු 68 ක් රැස්කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.