ප්‍රවීන නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි 

June 23, 2021 at 3:55 PM

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.

මෙරට නර්තන කේෂ්ත්‍රය වෙනුවෙන් ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ කුලසිරි බුදවත්ත ශුරින් වර්ථමානයේ නර්තන කේෂ්ත්‍රයේ දස්කම් දක්වන නර්තන ශිල්පින් රැසකට සිය දැනුම බෙදා දුන් ගුරුවරයෙක් වශයෙන් ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.