අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර තිබේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.