සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය (VIDEO)

June 22, 2021 at 12:02 PM

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු සංවිධානය කළ විරෝධාතාව පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට පැමිණියා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද උදෑසන සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට පිරිස පාර්ලිමේනන්තු සංකීරණය දක්වා මෙම විරෝධතාව ආරම්භ කර සිටියා.

විරෝධතාවේ නිරත මන්ත්‍රීවරු ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව එදිනෙදා භාවිත කරන මෝටර් සයිකලය, ත්‍රිරෝද රථ, කුඩා ලොරි රථ අත් ට්‍රැක්ටර්, ආදී රථවාහනවලින් පාර්මේන්තුව දෙසට පැමිණෙමින් සිටින අයුරුයි මේ.