මාධ්‍ය ආයතන තුලදී කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විමර්ෂණයක්

June 22, 2021 at 1:25 PM

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තා මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මතු කරන ලද සේවා ස්ථාන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විෂය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මේ සම්බන්ධයෙන් මේ දක්වා නිල පැමිණිල්ලක් ගොනු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යාංශය විසින් මෙම චෝදනා පිළිබඳව සොයා බලන බවයි අමාත්‍යවරයා පැවසුවේ.