රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

June 21, 2021 at 7:01 PM

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ගේ මඩකළපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.