සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී නිකුත් කරන ලද සංචරණ සීමා ලිහිල් කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳව මාධ්‍ය නිවේදනයට අදාළ වගුවේ බස්නාහිර පළාත තුළ පිහිටි රාජ්‍ය සේවකයින් කැඳවීම සම්බන්ධයෙන් සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහා සඳහන් කර සිටින්නේ.
අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණි. එයද එම නිලධාරියාට හෝ සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණයි.
තවද පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි.
පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමඟ කටයුතු කළ යුතුය.එහෙත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතුයි.