ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙරට රාජ්‍ය බැංකු වලින් ගත් ණය වල අගය ඩොලර් බිලියන 2.8 ක් බව වාර්තා වේ.
මෙම ණය මුදලෙන් අඩකට අඩු කොටසක් හෝ පියවා දැමීම සඳහා ජාත්‍යන්තර ණය සපයන ආයතන වලින් ඩොලර් බිලියනයක ණය මුදලක් ගැනීමට සංස්ථාව අපේක්ෂා කරන බව විද්‍යුත් මාද්‍ය ඔස්සේ වාර්තා විය.
එහි සඳහන් පරිදි අමාත්‍යංශ ලේකම් වරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ආයතන කීපයක් සමග කළ සාකච්ඡා අවසන් අදියරේ ඇති බවයි.
එලෙස අඩු පොලියට ගන්නා ණයකින් මෙරට රාජ්‍ය බැංකුවල ණය මුදලින් කොටසක් ගෙවීමෙන් ණය බර අඩුකර ගැනීම සැලසුමයි.