මෑතදී ඉන්ධන මිල ඉහළ යාමෙන් පසු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පත්ව ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කවියකින් විග්‍රහ කරනු ලැබුවා.
” බැසිල්ගේ සෙනග වට කරගෙන තෙල් යුද්දේ, උදය මැතිදුන් අද තනියම වෙලමැද්දේ” දැනට මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඈදා ගනිමින් හිටපු අගමැතිවරයා එලෙස කවි පදය කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නායකයා අවධාරණය කළේ අමාත්‍ය ගම්මන්පිලාට එරෙහිව පමණක් නොව, මිල ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබා දුන් සමස්ත රජයට සහ පක්ෂවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවයි.
මාධ්‍යවේදී චමුදිතා සමරවික්‍රම සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ගම්මන්පිලාවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (එස්එල්පීපී) තුළ ඇති මතභේදය විසඳා ගැනීමට ආණ්ඩුවට හැකි වනු ඇති බවයි.
(22:25 සිට ඉදිරියට නරඹන්න)