ආරක්‍ෂිත තොග ලෙස සහල් කිලෝ ලක්ෂයක් ආනයනය කිරිමට යයි

June 21, 2021 at 9:04 PM

ආරක්ෂක තොගයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කොට වෙළෙඳ අමාත්‍යාංශයේ යටතේ  ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණයේ තබා ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනු ලබන පුද්ගලයින් සහ ආයතන සඳහා සහල් තොග ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරිමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.