හෙට දිනයේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
” සංචරණ සිමා ඉවත් කෙරුණ ද ඉන් පසුව ජනතාව හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් වන විශේෂ උපදෙස් මාලාවක් ඉදිරි පැය කිහිපයේදී නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා තිබෙනවා. එහිදී රටේ සියලු දෙනාටම මෙය ගැලපෙනවා කියන්න අපහසුයි. යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. නමුත් එය ඉදිරියට පවත්වාගෙන යාමේදී ඇතිවන අපහසුකම් මග හරවා ගැනීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැනීමට නියමිතයි.
කොවිඩ් වසංගතය හමුවේ රටේ සියලු දෙනාම මෙම සෞඛ්‍ය උපදෙස් මාලාව පිළිපැදීම අත්‍යවශ්‍ය කරුණක්” යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ.
දීවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4 ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. පොසොන් පොහොය හේතුවෙන් ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමටයි ඉකුත්දා තීරණය කළේ.
25 වනදා අලුයම 4 ට නැවත සංචරණ සීමා ඉවත් කෙරුණුද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.