ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් එළිදක්වා තිබෙනවා. ඒ මෙරට එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අනුවයි.
මේ අතර මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම පිරිසෙන් එක් ලක්ෂ 97,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 35,729 දෙනෙකු පමණයි.
මේ අතර ඊයේ දිනයේ කොරෝනා මරණ 55ක් මෙරටදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. පිරිමි පුද්ගලයින් 32නෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු එම පිරිසට අයත්.