හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

June 19, 2021 at 7:49 AM

පොලිස් නිලධාරියෙකු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්.

පොලිස් නිල ඇඳුමින් සිටියදී අදාළ හෙරොයින් තොගය සමග හික්කඩුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.