ප්‍රවීන ගායක සුනිල් පෙරේරා සිය ගීතයක පද පෙරළා ආණ්ඩුවට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙසේ පද පෙරළා ආණ්ඩුවට මඩ ගසා ඇත්තේ සුනිල් පෙරේරා ගායනා කරන ලද “තාත්ත මට ඇනපු ටොක්ක” ගීතය බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
අදාළ ගීතය යුටියුබ් නාලිකාවක් මගින් ප්‍රචාරණය වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ ගීතය ප්‍රචාරය වන්නේ තමාගේ අනුදැනුමකින් තොරව බවද පවසන සුනිල් පෙරේරා තමාට මේ ගීතය සොරා ගැනීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පණත යටතේ නඩු දැමීමට අවශ්‍යතාවයක් නැතැයිද කියා සිටී.
මේ සම්බන්ධයෙන් ඔහු මව්රට නිවුස් වෙත අදහදස් දක්වා තිබුණේ පහත අයුරින්..