අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් අතරින් වැඩිම පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව 192ක්. ඊට අමතරව මාතලේ ප්‍රදේශයෙන් 133ක් හා මහනුවරින් 121ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති මුළු සංඛ්‍යාව 38,311ක් වේ.