SSP ශානි අබේසේකරට ඇප

June 16, 2021 at 10:46 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා. ඒ එම නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එහි විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කළ සැරයන් ( පසුව උප පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ) සුගත් මෙන්ඩිස් ගම්පහ අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එලෙස රක්ෂිත බන්ධාගාර ගත කර සිටියදී තමන්ට ඇප ලබාදෙන ලෙස විත්තිකරුවන් විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ගොනු කලත් ගම්පහ මහාධිකරණයේ තීන්දුව ඉවත දමා එය ප්‍රතික්ෂේප කිරීම නිසා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් අද දිනයේදී විත්තිකරුවන් දෙදෙනාව රුපියල් රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත ඇප නියම කරනු ලැබූ අතර ඔවුන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.