රනිල්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට

June 16, 2021 at 10:30 AM

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම සඳහා යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද භාරදී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් අද දිනයේදී එම යෝජනය භාර දී ඇති බවයි එම පක්ෂය නිවේදනය කර සිටියේ.