යාපනය, කයිට්ස් වෙරළට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද(15) ගොඩගසා ඇති බව ධිවරයින් පවසනවා.
අඩි 20ක් පමණ දිගින් යුත් මෙම තල්මසා පසුගියදා ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නික්මුණු රසායනික ද්‍රව්‍ය නිසා ද යන්න සම්බන්ධයෙන් ධිවරයින් සැක පළකර සිටිනවා.
මේ අතර නෞකාවේ ගින්නේ පසු මේ දක්වා කැස්බෑවුන් 30ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 07 දෙනෙකු සිරුරූ ඊයේ සවස වන විට දිවයිනේ වෙරළ කළාප ආශ්‍රිතව හමුවූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.