ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා සීයයට 25 ක වැටුප් වැඩිවීමක් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
2021-2023 යන කාල පරිච්ජේදය තුල වසරකට සීයයට 12 බැගින් මෙම වැටුප් වැඩි කිරීම සිදුකෙරනු ඇත.
2019 වර්ෂය වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 97ක් ව පැවති ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කළ බවත්, විදුලිබල මණ්ඩලයේ සේවාකයින් කොවිඩ් වසංගතය හමුවේ ඊට දැක්වූ දායකත්වය ඇගයීම උදෙසා මෙලෙස වැටුප් වැඩි කිරීම සිදුකරනු ලබන බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.