බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු දැඩි දෝෂදර්ශණයට ලක්ව තිබෙනවා.
ඒ ඩකා හි පැවැත්වෙන බංග්ලාදේශ විස්සයි 20 දේශීය ක්‍රීඩා තරගාවලිය අතර වාරයේදී ඉතා අශෝබන අයුරින් හැසිරීමක් පෙන්නුම් කිරීම නිසාවෙනි.
සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝ වල දැක්වෙන පරිදි විනිසුරුවරයා විසින් ලබාදුන් තීරණයකට එකඟ නොවන ඔහු වික්ට්ටුවේ තිබු කඩුල්ලක් ගෙන අවස්ථා කිහිපයක් පොළොවේ ගසන අයුරු දක්නට ලැබුණා.
මොහොමඩින් ක්‍රීඩා සමාජය සහ අබානි ලිමිටඩ් කණ්ඩායම් අතර පැවති තරගයේදී මෙය සිදුවීම වී තිබෙනවා.
ෂකිබ් මොහොමඩින් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදකට දවා ගැනීම සඳහා ඉල්ලීමක් සිදුකර ඇත. නමුත් විනිසුරුවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට කෝපයෙන් විනිසුරුවරයා දෙසට පැන කඩුලු වලට පයින් ගසමින් සිය ආවේගය පිට කරන්නට විය.
ක්‍රීක්ඉන්ෆෝ මාධ්‍යවේදී මොහොමඩ් ඉසාම් ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ෂකිබ් අල් හසන් ගේ ප්රකෝපකාරී හැසිරීමේ අවස්ථා දෙකක් එම තරගයේදී සිදුවූ බවයි. එක් අවස්ථාවකදී තරගය මදකට නතර කිරීමටද විනිසුරුවරුන් කටයුතු කළ බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
One more… Shakib completely lost his cool. Twice in a single game. #DhakaLeague Such a shame! Words fell short to describe these… Chih… pic.twitter.com/iUDxbDHcXZ
— Saif Hasnat (@saifhasnat) June 11, 2021
Shit Shakib..! You cannot do this. YOU CANNOT DO THIS. #DhakaLeague It’s a shame. pic.twitter.com/WPlO1cByZZ
— Saif Hasnat (@saifhasnat) June 11, 2021