තවත් පොලිතින් නිෂ්පාදන 300ක් තහනම් කිරීමට යයි

June 10, 2021 at 7:51 AM

එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත එම ප්ලාස්ටික් සහ පොලිතීන්වලට අදාළ කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලබන අතර මීට පෙර තවත් පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග කිහිපයක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.