අත්‍යවශ්‍ය බැංකු සේවා සදහා සියලුම බැංකු විවෘතව තබන ලෙස රජය විසින් මහ බැංකුවට උපදෙස් දී තිබෙනවා. මුදල් අමාත්‍යංශය විසින් මෙම උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දීමෙන් පසු මහ බැංකුව මීට අදාළ උපදෙස් චක්‍රලේඛයක් මගින් සියලුම බැංකු වෙත දැනුම් දී තිබෙනවා.
මේ අනුව වහාම බැංකුව විසින් සංචරණ සීමා ක්‍රියාත්මක පවතින කාලය තුළදී බැංකුවලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු වනවා.
මෙම බැංකු සේවා පවත්වාගෙන යාම සඳහා එක් අවස්ථාවකදී සේවා ස්ථානයට කැඳවිය හැකි උපරිම නිලධාරීන් සංඛ්‍යාව 15ක් විය යුතු බවයි මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
එමෙන්ම බැංකු සේවා පවත්වාගෙන යාමේදී එම සේවා පාරිභෝගිකයින්ට ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ද දැනුවත් කළ යුතුව ඇත.
මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද ( 07) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබිණි. රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.