ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
මුළු රටටම බලපැවෙත්වෙන පරිදි සති තුනක් තිස්සේ සංචරණ සීමා පැනවීම නිසා පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අපහසුතා පැන නැගී ඇති හෙයින් ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇත.
සංචරණ සීමා අවසන් වූ පසු බිල්පත් ගෙවීම සඳහා ද සුදුසු කාලයක් දෙන බවත් එම කාලය මාසයකට ආසන්න කාලයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.මෙම තත්ත්වය මත ජල බිල්පත් කියවීමටත් අපහසුතා ඇති වී තිබේ.