බැංකු සහ මුල්‍ය ආයතන පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක්

June 6, 2021 at 7:42 AM

අත්‍යවශ්‍ය බැංකු හා මූල්‍ය සේවා සැපයීම පවත්වාගෙන යාම සදහා අවසර ලබාදෙන ලෙසට මහබැංකු අධිපතිවරයා පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව සංචරණ සීමා පනවා ඇති සමයේ දිවයින පුරා බැංකු හා මූල්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් එම ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සේවාවන් පවත්වාගෙන යාම සදහා මෙලෙස උපදෙස් මාලාවක් නිකුත් කර ඇත්තේ.

ඒ අනුව සියළුම බැංකු ශාඛා හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් එක් ශාඛාවක වරකටසේවකයන් 15 ක උපරිමයකට යටත්ව සේවය සදහා කැදවිය යුතු අතර වරකට කැඳවන සේවකයින් පිළිබදව අදාළ ශාඛා කළමනාකරුවන් විසින් තීරණය කර එම ලැයිස්තුව අදාළ පොලිස් ස්ථානය වෙත භාර දිය යුතුද වනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් එම ලැයිස්තුවේ නම් සදහන් කාර්ය මණ්ඩලයට පමණක් අනන්‍යතාවය පිළිබද සෑහීමකට පත්වීමෙන් පසු ගමන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවයි පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් දැනුම් දීමක් සිදුකර ඇත්තේ.

ගණුදෙනුකරුවන් සදහා බැංකු විවෘත නොවන අතර සංචරණ සීමා පනවා ඇති කාලය තුලදි අභ්‍යන්තර කටයුතු සදහා පමණක් අවසර ලබාදී ඇති බවයි එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් සදහන් වන්නේ.