දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා හේතුවෙන් එක් පුද්ගලයෙකු තවමත් අතුරුදන් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 219,027 අවතැන් වී තිබෙනවා.
මේ අතර කැළණිය ගංඟා ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහල යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සීතාවක, කඩුවෙල, කොළඹ, කැළණිය වත්තල, කොළොන්නාව හා බියගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහල යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එහි ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීශ්වර සඳහන් කර සිටියේ.