පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 03ක් අතුරුදහන්

June 4, 2021 at 8:40 AM

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ සිද්ධියෙන් අතුරුදහන් වූ පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.